Colombo Today Local News

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ..

දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06 කින් දිර්ඝ කර තිබේ.

ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ය.

ඒ අනුව ඊයේ(28) දින අවසන් වීමට තිබු මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06 කින් දීර්ඝ වනු ඇති.

මේ වසරේ ජනවාරි 28 වැනිදා පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ කළ තුන්වැනි අවස්ථාව මෙයයි.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයින්,සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තකුට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමේ අරමුණින් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ය.

Related posts

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන කිසිදු රැඳවිකුට මින් පසු විශේෂ සමා නෑ. | බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක.

colombotoday