වැලිගම මුහුදු වෙරළේ ගංදූව දූපතට ඉදිරියෙන් වූ ප්රදේශයේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.
මේ පිළිබඳව වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සිරුර පරීක්ෂා කිරීම සිදු කෙරිණි.
වන ජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුන් අල්ලන දැල්වල පැටලී මියගොස් ඇති බවයි.
මියගොස් සිටි කැස්බෑවුන්ගේ උදරය පැලී බිත්තර පිටතට ද පැමිණ තිබුණි.
අනතුරුව වන ජීවී නිලධාරීන් විසින් කැස්බෑ සිරුරු දෙක වැලිගම මුහුදු වෙරළේදීම වල දැමූ ඇත.