Colombo Today Local News

කොටුගොඩදී කසළ තේ කිලෝ 29,000ක් සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවේ.

සීදුවේ, කොටුගොඩ ප්‍රදේශයේ දී කසළ තේ කිලෝ ග්‍රෑම් 29,000ක් සමග සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18)දින සවස ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“ශ්‍රී ලංකා තේ“යන ලේබලය යටතේ එම තේ තොගය මැදපෙරදිග රටක ට අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.

එම කසළ තේ ප්‍රවාහනයට සුදානම් කර තිබු කන්ටේනරයක් සහිත ට්‍රක් රථයක් ද විශේෂ පොලිස් කාර්ය බලකා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කසළ තේ තොගය හා සැකකරුවන් සීදුව පොලීසිය වෙත භාර දී ඇති අතර, හෙට (20) දිනයේ දී එම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

Admin

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

colombotoday

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday