Covid 19

බස්නාහිරින් පිටව යෑමේ දී සිදුකල ඇන්ටිජන් පරීක්ෂාවෙන් ආසාදිතයින් 61ක් හඳුනාගනී

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දෙසැම්බර් මස 18 වන දින සිට අද (29)දින උදෑසන 6 දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් එම පිරිස හඳුනාගත් බවය.

ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හඳුනාගත් ආසාදිතයින් 61 දෙනාගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇතැයි ද පැවසු ඒ මහතා, ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළු කළ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

ජනවාරි මස 5 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

Related posts

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

කාන්තන්කුඩිය තවදුරටත් හුදකලා කරයි.

colombotoday