Colombo Today Local News

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29)දින ආරම්භ වේ.

ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබීය.

අද දිනයේ එන්නත්කරණය කිරීමේ කටයුතු පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක මේ එන්නත්කිරීම ආරම්භ කරනවා. ජාතික රෝහලත් කොළඹ, උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත්, හෝමාගම, මුල්ලේරියාව සහ අයිඩීඑච් රෝහල් කියන ඒ රෝහල් තුනත් කියන මුළු රෝහල් 6 මේ සඳහා අපි යොදා ගන්නවා. ඒ රෝහල්වල කාර්ය මණ්ඩලය දවස් තුනක් හෝ 4ක් වගේ කාලයක් තුළ මුළු කාර්ය මණ්ඩලයෙන් සියයට 25ක් පමණ දළ වශයෙන් එක දිනකට එන්නත් කරමින් දවස් 4ක් පමණ මේක කරගෙන යනවා.“

කෙසේවෙතත් එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හදුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Related posts

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

colombotoday

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday