Colombo Today Local News

අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක. – රනිල් වික්‍රමසිංහ

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි අලුත් යුගයක සිටින බව දැනගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිසිදු අවස්ථාවක පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා, ජාති වාදී හා ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයි ද කියා සිටියේය.

අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“අපිට ඇත්ත වශයෙන්ම වැඩසටහනක් තියෙනවා. අනාගතය ගැන අපි කතා කරන්නේ. එතැනින් මතයක් ඇති කරලා අපි එකතු වෙන්න ඕනේ. පරණ ක්‍රමයට ආපහු යන්න බෑ. පෙරමුණු ගැහුවා කියලා දිනන්නේ නෑ. ජනතාවට ඕනේ කොහොමද මෙතැනින් ගොඩ එන්නේ, ඒ ගොඩ එන්න වැඩසටහනක් තියෙනවා ද? දීර්ඝ කාලීනව ලංකාව ගැන මොකද්ද කරන්නේ කියලා දැනගන්න. මොකද විශේෂයෙන් ම අද ලංකාව වැටිලා තියෙන්නේ. අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක. පළමුවෙන්ම තියෙන්නේ කෙටි කාලීන සහන දෙන්න. අද කොරෝනා නිසා ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලීමෙන් විශාල හානියක් සිදුවෙලා තියෙනවා. අපි ආරම්භ කරන්න ඕනේ කොරෝනා පාලනය කරන වැඩසටහනක්. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙන්න ඕනේ. එහෙනම් අනෙක් රටවල් කරනවා වගේ අපේ වෛද්‍ය උපදේශක කමිටුවක් හා ඒවා ක්‍රියාත්මක කරන පරිපාලන කමිටුවකුත් ඕනේ. මේවායේ තීරණය කැබිනට් මණ්ඩලය ගත යුතුයි. ඇමති මණ්ඩලය පැත්තකට දාලා වැඩ කරන්න බෑ. ඇමති මණ්ඩලය තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවට කියලා. එතනදී අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවා. අන්න ඒ මාර්ගයෙන් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. අපිට අද විදේශ විනිමය නෑ එන්නත් ගන්න. 18 වැඩි හැමකෙනාටම අද එන්නත ලබාදෙන්න බෑ. අමාරු තත්ත්වයක තියෙනවා. අපිට පළවෙනියට කරන්න තියෙන්නේ විදේශ විනිමය ලබාගැනීම. ඒකට IMF ආයතනයට යන්න. එතනින් ලබාගත්තහම ඒ සහතිකය උඩ අනෙක් රටවල්වලින් අපට ණය ගන්න පුළුවන්. ඒ නිසා ණය අරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන පළමුවෙන්ම ජීවිත ආරම්භ කළ යුතුයි.“

Related posts

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday