ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ වික්ටෝරියා හී ඉස්ලාමීය මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙය සිදුවී තිබෙන්නේ ඉකුත් සෙනසුරාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ඉස්ලාමීය රටවල් හතක සංක්‍රමණිකයන්ට ඇමරිකාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබීමෙන් පැයකට පසුව බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
ගිනිගැනීම හේතුවෙන් එම පල්ලිය මුළුමනින්ම විනාශ වී ඇති බව එහි ඉමාම්වරයා පවසන අතර, ගින්න ඇතිවීමට හේතුව පිළිබදව තොරතුරක් බලධාරීන් විසින් මාධ්‍ය වෙත ලබා නොදෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.