Colombo Today Local News

කාන්තාවන්ගේ කැමැත්තෙන් පිරිමි ළමයින් දූෂණය කිරීමත් අපරාධයක්

පිරිමි ළමයින් දූෂණය කිරීම ද අපරාධයක් ලෙස සලකමින් දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

දැනට පවතින නීතිය අනුව දූෂණය කිරීමේ වරදට චූදිතයන් වන්නේ පිරිමින් වන අතර කාන්තාවන් දූෂණයේ වින්දිතයන් ලෙස සැලකෙයි.

එම නිසා දූෂණය පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතය.

කැමැත්ත නොමැතිව රඳවා තබාගැනීම, බලහත්කාරයෙන් ​හෝ තැතිගැන්වීමෙන්, තර්ජනය කිරීමෙන්, මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්වී සිටින අවස්ථාවක ලබාගත් කැමැත්ත, පුරුෂයා පිළිබඳව දැනගෙන කාන්තාවන්ගේ කැමැත්ත ඇතිව, වින්දිතයා වයස අවුරුදු 16ට අඩු අවස්ථාවක සිදුවන ක්‍රියාකාරකම් දූෂණය ලෙස සලකන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

වයස අවුරුදු 14ට වැඩි සහ 16ට නොඅඩු ගැහැනු ළමයකුගේ කැමැත්ත ඇතිව ලිංගික එක්වීම සිදුකර ඇති වයස අවුරුදු 22ට නොවැඩි චූදිතයකුට අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමක් උචිත පරිදි අත්හිටුවූ සිරදඬුවමක් වශයෙන් මහෙස්ත්‍රාත්වරයාට නියම කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට ද නියමිතය. ‘ලිංගික ප්‍රවේශය’ අර්ථ දැක්වීමද සං​ශෝධනය කෙරේ.

Related posts

මුල් පියවර දේශීය යාන්ත්‍රණය සැකසීමයි.. අනිත්වා ඉන් පසුවයි.. ලංකාවේ දියුණුව පුදුමයි ! – බිස්වාල්

colombotoday

ගෙදර දෝෂ යවන්න ලක්ෂ ගණන් හොරුන්ට දෙන්න එපා – පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

Admin

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday