ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද තීරණය කළේය.
ඒ, ඔවුන් තිදෙනා එංගලන්තයේදී විනය කඩ කරමින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන්.
එම ක්රීඩකයින් තිදෙනා අද අද දිනයේම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සදහන් කරයි.