Colombo Today Local News

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

ඉකුත් 26 වැනි දා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියකට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ බැන වදිමින් අපහාස කිරිම ඉල්ලා අස්කර නොගන්නේ නම් ජනවාරි 30 වැනි දා රාජකාරියෙන් බැහැර වී විරෝධය පළ කරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එහි උප සභාපති හා ලේකම් වරයාගේ අත්සනින් යුක්තව ජනපති ,අගමැති, කතානායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය හා ස්වදේශ ඇමැති වෙත අද (27) දහවල් ලිපි ඉදිරිපත් කොට ඇත.

මඩම්පැල්ල ග්‍රාම නිලධාරී වසමෙහි බොරළු පස් කැපීම සම්බන්ධයෙන් මහජන උද්ඝෝෂණයක් පැවති අවස්ථාවේ එහි පැමිණි සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, සිය දුරකථනයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදී තිබිණි.

Related posts

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

Admin

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

colombotoday