Colombo Today Local News

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව එම ග්‍රාමසේවා වසමේ වෙනත් වෙළෙඳසැළක් සඳහා අදාළ බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ජංගම බෙදා හැරීම්, දුරකථන ඇමතුම් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම් සහ ග්‍රාමසේවා වසමකින් වෙළෙඳසැළ් දෙක බැගින් විවෘත කිරීමට අවසර දීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙම සේවා මගින් ඇතැම්විට අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියට (ක්ෂණික ඇමතුම් 1977) ලැබුණු දුරකථන ඇමතුම් අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday