World

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 මර්දන එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් නිවේදිකාවක් වන ලීසා ෂෝ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

44 හැවිරිදි ෂෝ පසුගිය සතියේ රෝහල්ගත වී ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහිදී සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇයගේ රුධිරය කැටි ගැසීම හේතුවෙන් එම රෝගී තත්ත්වය ඇතිවී ඇති බවය.

ඇය අද(28) දින රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වේ.

අද පැවැත්වීමට නියමිත මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව නිවැරදිව දැන ගත හැකි වෙතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

colombotoday

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin