Colombo Today Local News

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ගෝඨාභය CIDයට.. ලගදීම ප්‍රශ්න කරන්න යයි !

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සිකුරාදා (20 වැනිදා) පැය හයකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පසුගිය රජය සමයේ ආරක්‍ෂක ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිහිපදෙනකුගෙන් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක්‌ හෙළි වූ බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

ලසන්ත ඝාතනය සඳහා පැමිණි යුද හමුදා බුද්ධි අංශ කණ්‌ඩායම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්‌වූ කාලසීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය. යුද හමුදාවේ බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ විසින් ලසන්ත ඝාතනය කළ බවට මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටී.

මේ අතර ලසන්ත ඝාතනය කළේ තමන් යෑයි කියමින් කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික බුද්ධි අංශ සැරයන්වරයෙක්‌ පසුගියදා ගෙල වැලලාගෙන මියගියේය.

– දිවයින

Related posts

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

මත්තලට එන ගුවන් යානා වලින් වසර දෙකක් යනකන් ගාස්තු අය නොකරයි

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin