Colombo Today Local News

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

විකල්ප ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස පසුගිය රජය සමයේ ඉදිකල මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල මේවන විට අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ඇති බව එහි කළමණාකරැ පවසයි. විශේෂයෙන් කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාස 03 ක කාලයක් වසා දැමීම හේතුවෙන් මත්තල ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම් කටයුතු ඉතා කාර්ය බහුල තත්ත්වයක පවතින බවත් කටුණායක ගුවන්තොටුපලේ පවා මෙහෙයුම් කටයුතු කල නොහැකි විශාල ප්‍රමාණයේ ගුවන් යානා මත්තල ඉතා පහසුවෙන් ක්‍රියාකල බවත් කළමණාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පිළිබඳව පසුගිය මැතිවරණ වේදිකාවේ ජනතා විමුක්ති පෙරමුණත් පොදු විපක්ෂයත් ගොඩ නැගූ තර්ක දැන් දැන් පුස්සක් වී ඇති බව ගුවන්තොටුපල කාර්ය මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත සඳහා වීඩියෝව පහතින්.

Related posts

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

colombotoday