Colombo Today Local News

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පුද්ගලයන් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටියදීයි මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ.

පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටය.

අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි.. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ – ජනපති

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !

colombotoday

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

colombotoday