යාපනය නගරයේ සැරිසන සුනඛයකු විදේශිකයෙකු ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු සපා කා සැගව සිටින බව වාර්තා වේ.
මෙම සුනඛයා පසුගිය 27 වැනිදා යාපනය නගරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවසන්වරට සපා කා ඇත.
කෙස් වෙතත් මෙම සුනඛයා පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරනය කර ගැනීමට යාපනය මහ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් මේ තාක් අපොහොසත් වී ඇත.
මෙකී සුනඛයා නිවසක වැඩෙන සතෙකුද නොඑසේ නම් අයාලේ යන සතෙකුද යන්න පිළිබදව විස්තර කිසිවක් නොදන්නා බැවින් සුනඛයා ගේ සපා කෑමට ලක් වූ පුද්ගලයින් 11 දෙනාටම යාපනය ශීක්ෂණ රෝහලෙන් ජලහීතිකා රෝග නිවාරණ එන්නත ලබා ගෙන තිබේ.