අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමට එරෙහිව ඊයේ (20) ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
එම විරෝධතාවය සංවිධාන කර තිබුණේ එක්සත් සමාජවාදී පක්ෂය විසිනි. එහි මාධ්‍ය ප්‍රකාශක ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ ට්‍රම්ප් දිවුරුම් දෙන අද දිනයේ ඔහුට විරුද්ධව රටවල් ගණනාවක් විරෝධතා පැවැත්වෙන බවය.
මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට බලපෑ හේතු සඳහන් කරමින් ඔහු පැවසුවේ ට්‍රමප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණිකයන්, සමලිංගිකයන්, මුස්ලිම් ජනතාව, පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දරණ ප්‍රතිපත්ති ලෝක ප්‍රජාවට ඉතා අහිතකර එකක් බවය.