Colombo Today Local News

ත්‍රිකුණාමල වරාය ගැන අගමැති ඉන්දියාව සමග සාකච්ඡා

බෙංගාල බොක්කේ ප්‍රධානතම වරාය ලෙස ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා

මේ වන විට ත්‍රිකුණාමලය සිංගප්පූරුව විසින් සැලසුම් කරන බවද, එම සැලසුම් අවසන් වූ පසු එම ප්‍රදේශය විශාල සංචාරක කලාපයක් වනු ඇති බවද, ඒ සමගම ජපානයද ආයෝජනයට පැමිණෙනු ඇති බවද, අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාතේ ව්‍යාපෘතින් සම්බන්ධයෙන් ද ඉන්දියාව සමග කටයුතු කරන බවයි.

Related posts

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

ජපුරේ ඔ-ළු පලලා ඊයේ තඹුත්තේගම විප්ලවය ඇරඹුවා

Admin

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday