Colombo Today Local News

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

විද්‍යුත් සන්නිවේදනයේ විප්ලවීය හැරවුමක්

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද(28) පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීමත් නාස්තිය පිටුදැකීමත් මෙහි මූලික අරමුණ වී තිබේ.

මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙමගින් බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කර එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබීමත් ඩිජිටල්කරණයේ තවත් වාසියක් බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday