Colombo Today Local News

රු. බිලියන 150ක් රජයට පාඩුකරලා..! ඇමති කබීර්ට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිලි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඇණවුම් කර තිබූ එයාර් බස්‌ ගුවන් යානා තුනක්‌ මිලදී ගැනීම අවලංගු කර රජයට රුපියල් බිලියන 150 ක්‌ අහිමි කළ බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (18දා) රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට විරුද්ධව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ කරන ලදී.

ඇමැතිවරයාට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයද වරදක්‌ සිදුකර ඇති බවට එම චෝදනාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පෙර බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී එම ගනුදෙනුව සිදුවී ඇති ආකාරය පිළිබඳව අදහස්‌ දැක්‌ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආණ්‌ඩුවේ දූෂිත ගනුදෙනු හෙළිදරව් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආරම්භ කළ යහපාලන ටොප් ටෙන් වැඩසටහනේ හයවැන්න ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙනවා. මෙයට පෙර අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස්‌දෙනකුට එරෙහිව අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කරන ලද ඒ 350 ඒ 900 එයාර් බස්‌ ගුවන් යානා තුනක්‌ අවලංගු කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් බිලියන 150 ක පාඩුවක්‌ සිදු වූ බවට චෝදනා කරමින් කබීර් හෂීම් ඇමැතිවරයාට හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට එරෙහිව පරීක්‍ෂණයක්‌ කරන ලෙසට ඉල්ලා කනක හේරත් මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් ඊයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා.

මෙම මුදල අහිමිකිරීමට අමතරව එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු ඇමරිකානු ඩොලර් මිලියන 10 ක කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීම පිළිබඳ පරීක්‍ෂණයක්‌ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා විසින් අගමැති උපදෙස්‌ පරිදි කටයුතු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ඊමේල් පණිවුඩයක පිටපතක්‌ හා කැබිනට්‌ අනුමැතියක්‌ නොගන්නා බවත් නීතිපතිවරයාගේ අනුමැතියත් අනවශ්‍ය බවත් දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපි ලේඛන ඇතුළු ඊට අදාළ තවත් ලිපි ලේඛන හයක්‌ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා එහිදී පැවැසීය.

Related posts

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

colombotoday

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

පොලීසිය සුද්දෙකුට වටකරගෙන ගහලා.. සුද්දා පොලිස් කොමිසමට යයි

colombotoday

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday