Colombo Today Local News

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

ඖෂධ ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන විසි පහක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වුවහොත් ඖෂධ ආනයනය නතර වනු ඇතැයි ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවයි.

ඩොලර් ලබාගැනීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමග සාකච්ඡාවක් කර දෙසතියක් ගත වී ඇතත් ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් ලැබි නොමැත. මේ නිසා ඔසුසල්වල ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරි මාස තුන ඇතුළත එය වඩාත් උග්‍රවන බවත් පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද ප්‍රකාශ කරයි.

ඖෂධ මිල පාලනයෙන් ඉවත්කර මිල වැඩි කරන ලෙසට ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව ඖෂධ මිල 5%කින් ඉදිරියේ දී වැඩි කිරීමට රාජ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදෙන බව ද කර්මාන්ත මණ්ඩලය සඳහන් කරයි. මේ වනවිට රජයේ රෝහල් රැසක ද ඖෂධ හිඟයක් පවතියි. වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ තුණ්ඩු රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන අතර රෝගීන්ට පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගැනීමට සිදුව ඇති බව ද පැවසේ.

Related posts

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

colombotoday

‘වැඩ බැරි ඇමතිවරු ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න’

Admin

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

එට්කා අත්සන් කරපු ගමන් ඉන්දියාවේ රස්සා නැති දොස්තරලා ලක්ෂ5ක් මෙරටට?

Admin