Colombo Today Local News

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28)දින මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.

මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.

පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන තිබිණ.

Related posts

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday