Colombo Today Local News

කම්කරු වන්දිය දෙගුණ වේ

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයෙකුගේ සේවය, අදාළ ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර තිබේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය පසුගිය 25 වන දා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, 1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතට ප්‍රකාරව 2005 මාර්තු 15 වන දින ප්‍රකාශයට පත්කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 1,250,000 කි.

එම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Related posts

පාස්කු ප්‍රහාරය සාධාරණිකරණය කළ මවුලවි, රිෂාඩ් නිදහස් කරන්නැයි කියමින් උද්ඝෝෂණයක

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday