Colombo Today Local News

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් ආසාදිතව මියයන අයගේ දේහ ආදාහනයට හෝ භූමදානයට ඉඩ සලසමින් රජය ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය 25 වනදා රාත්‍රියේය.

ඒ අනුව අනුමත සුසාන භූමියක හෝ ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ කොවිඩ් මෘතදේහයක් භූමදානය කිරීමට අවස්ථාව හිමිවේ.

නමුත් දැනට මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ආදාහනයට අදාළව පමණයි.

භූමදානය සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව අද (27)දින රැස්විය.

එහිදී භූමදානය සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කර අවසන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“විද්වත්කමිටුවේ සාමාජිකයෝ දෙදෙනෙක් හා මම එකතුවෙලා ඒ කෙටුම්පත සකස් කළා. භූමදානය කරන විදිය ගැන. භූමදානය කරන ස්ථාන අපට සොයාගන්න වෙනවා. ඒක හොයාගෙන පස්සේ කොවිඩ් මර්දන බළකායට ඉදිරිපත් කරලා ඒ අයගේ අනුමැතිය අරන් තමයි මේක අපිට චක්‍රලේඛයක් ලෙස එළිදක්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ මෘතදේහ ආදාහනය කරනවා. කැමති නැති කෙනෙක් ඉන්නවා නම් අපිට ක්‍රමවේදය එළිදක්වනකල් කූල් රූම් එකක තියන්න වෙනවා. භූමදානය කරන ස්ථාන ටික සොයාගැනීමට දින කිහිපයක් ගතවෙයි.“

එම මාර්ගෝපදේශ ප්‍රමාද වීමෙන් මේ වන විටත් ගැටලු රැසක් උද්ගතව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වාදෙයි.

මේ අතර කොළඹ සහ ගම්පහ අධි අවදානම් කලාපවල වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාට ද කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයි

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday