Colombo Today Local News

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා – අගමැති

2019 රුපියල් මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අපනයන කෘෂි කලාප බිහි කිරීමේ ජාතික වැඩසටහනට ඊයේ (27)දින එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,

මට මතකයි මේ ආණ්ඩුව පත්වෙලා නව කැබිනෙට්ටුව දිවුරුම් දීපු වෙලාව. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා. ටික දවසක් යනකල් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් ඇමති කියලා. ප්‍රසන්න රණවීරට මැටි ඇමති කිව්වා. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍යාංශ භාරගැනීම අදිමදි කළා. අපි මේ විදියට බුලත්, කජු, බඩඉරිඟු ආදි වශයෙන් අමාත්‍යාංශයට අයිති කුඩා දේවල්පවා නම් කළේ, මේ දේවල්වලට විශාල අවධානයක් ලබාදෙන්න. දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනයන මුලික කරගෙන ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙන්න. මෑතක් වන තුරු අඹ, පේර, කජු හා සියඹලා පවා පිටරටින් ගෙනාවා. ඉදල් කොහු විතරක් නෙමෙයි කැටපෝලත් ගෙන්නුවා. එහෙම කළාම මේ රටේ විදේශ විනිමය රටට අහිමි වුණා විතරක් නෙමෙයි රටේ ජනතාව උපන්ගෙයි බෝඩින්කාරයෝ වුණා.

Related posts

ඥානසාර හිමි යළි සිර ගත කරයි

Admin

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin