Colombo Today Local News

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (17) මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ, ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් එම් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බවයි.

ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද අබේවර්ධන මහතා පවසා සිටියේය. මේ අනුව සමලිංගික විවාහ නීතියෙන් නීතිගත කිරීමේ යෝජනාව මේ වනවිටත් ඉවත් කරදැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

Related posts

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

බන්ධනාගාර නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

colombotoday

කාසියේ වාසිය ඇෆනිස්තානයට

Admin

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday