Colombo Today Local News

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

ඉස්ලාම් දහම බෞද්ධ හා හින්දු වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සහිත ආගමක් නොවේ යැයි “පූර්ව මුස්ලිම් ජාතීන්“ නමැති සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඉස්ලාම් ආගම හැරගොස් පූර්ව මුස්ලිම් ජාතීන් නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ තවදුරටත් එම දහම පළිගත නොහැකි නිසා බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඉස්ලාම් ආගමේම සදහන් වෙනව ආගම අතහැර ගියොත් කපලා කොටල මරලා දානවා කියලා. අනෙක් අගම්වල එහෙම කියල නෑ.. ඕනෑ කෙනෙක්ට ඕනෑ ආගමක් අත්හරින්නත් වැළදගන්නත් පුළුවන්.

අපිට දැන්ම ප්‍රසිද්ධියේ පෙනී ඉන්න හැකියාවක් නෑ.. ඒ අපිව මරල දමන නිසා. මම අවුරුදු දහයක් ඉස්ලාම් ආගම ඉගෙන ගත්තා. ඉන්පසු නිගමනයකට ආවා දෙවියන්ගේ මග පෙන්වීමක් මෙතන නෑ කියලා. මම ඉස්ලාම් ආගම අතහරින්න අවුරුදු හතරක කාලයක් ගත්තා. ඒ වගේ තමයි අපේ අනෙක් සාමාජියොත්. අපේ සංගමයේ ලේකම් කාන්තාවක්. වයස අවුරුදු පනහේ සිට අවුරුදු දහ අට දක්වා අය තිස් දෙනෙක් පමණ දැනට සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගෙට පෙනී හිටපු ළමයිනුත් ඉන්නවා. මේ සාමාජික සංඛ්‍යාව අනිවාර්යෙන්ම ඉදිරියේදි වැඩිවෙනවා. බොහෝ දෙනෙක් හිත තුළ තියාගෙන රහසේ කටයුතු කරනවා. ඒත් සාමාජිකත්වය ලබා ගන්න බයයි මරණ තර්ජන නිසා. මේ ආගමේ දේව දූතයා ලෙස හදුන්වන කෙනා කසාද එකොළහක් කරගෙන. වයස අවුරුදු හයක දැරියකුත් විවාහ කරගත් කෙනෙක්. අපි ඉදිරියේදි එළියට බැහැල ජනතාව දැනුවත් කරනවා, මේ ප්‍රචන්ඩත්වය ගැන.

අපි ෂරියා නීතියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. රට තුළ පුද්ගලික නීති තියාගන්න කිසිම කෙනෙකුට බැහැ. ඉස්ලාම් කියන්නේ සාමකාමී ආගමක් කියන එක පිළිගන්න බැහැ. අපේ ප්‍රතිපත්ති ලබන සතියේ එළිදක්වනවා.

අපි මේ සංවිධානය පටන් ගත්තෙ රහසිගතවයි. ෆේස්බුක් පිටුවක් ආරම්භ කරල ඒ ඔස්සේ තමයි සාමාජිකත්වය දැනුවත් කරන්නේ. අපට තර්ජන එල්ල වන්නේ මුස්ලිම් අයගෙන්. ඉස්ලාම් ආගම සම්පූර්ණයෙන්ම අතහැරියත් අපට සමහර අවස්ථාවලදි මුස්ලිම් කියල රගපාන්න වෙනවා අපි මුස්ලිම් කියලා. ඒ අපේ ආරක්ෂාවට.

දිවයින

Ex Muslims වෙබ් අඩවිය

Related posts

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

colombotoday

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

Admin

විල්පත්තුව වන සංහාරය පිළිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday