Colombo Today Local News

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ 2009 සහෝදරත්වය විසින් හෘදයාංගමව සංවිධානය කරනු ලබන “සහෝදරත්වයේ පියසටහන් සේදී නොයනු පිණිස..“ යනුවෙන් නම්කර ඇති ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය වෙත උදෑසන දානය පිළිගැන්වීම සහ ඔවුන් සමග සුහදත්වය වර්ධනය කරගැනීමේ මානුෂීය මෙහෙවර 2017 පෙබරවාරි 25 වැනි දා එම රෝහලේදී පැවැත්වීමට නියමිතය.

දැනට එම රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශයේ නේවාසික රෝගීන් 280ක් වාර්තාවන අතර ඉන් 100 කට ආසන්න ප්‍රමාණයක් අපේම පුංචි දරුවන්ය. එවන්වූ පිරිසකට සහෝදරත්වයෙන් ආහාර වේලක් ලබාදීම සහ ඔවුන්ගේ සුවදුක් බෙදාගනිමින් දිනක් ගතකිරීම සහෝදරත්වය මෙන්ම පරිපූර්ණ මෙහෙවරක් සේ හැඳින කළමණාකරණ හා මූල්‍ය පීඨයේ 2009 ශිෂ්‍ය කණ්ඩායම මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා අහාර ද්‍රව්‍ය, පළතුරු වර්ග සහ දරුවන් සඳහා සෙල්ලම් බඩු වැනි දෑ මෙන්ම මුදලින් උපකාර කිරීම සඳහා කැමැත්තක් දක්වන හදවතක් ඇති අපේම මිනිසුන්ට ආරාධනා කරන බව එම ශිෂ්‍ය කණ්ඩායම ඉතාම කැමැත්තෙන් සඳහන් කරයි. එලෙස දායකත්වයක් දක්වන්නට කැමැත්තක් ඇතිනම් දුරකතන අංක 077-9011094/0718819045 හරහා එම ශිෂ්‍ය කණ්ඩායමේ සහෝදරයින් සම්බන්ධ කරගෙන මෙම මහඟු කර්තව්‍යයට දායක විය හැකිය. ජීවිතයේ නොසිතූ විරූ අසරණකමකින් බලාපොරොත්තුවේ සිහින දකිමින් සිටින අපේම මිනිසුන් පිරිසක් වෙනුවෙන් ඔබත් එකතු වන්න.

Related posts

මහ පිරිසක් මැද තෙවරප්පෙරුම – මහින්ද ‍ගැටෙයි.. තෙවරප්පෙරුමගේ කුණු බැණුම් අහගෙන මහින්ද පසුබසී

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තනතුරෙන් ඉවතට ? පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි ?

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin