Colombo Today Local News

අඩි 279ක් උස ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටුනු තරුණියක් සොයා මෙහෙයුම්

අඩි 279 ක උසකින් සමන්විත ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී අතුරුදහන්ව ඇති තරුණිය සොයා විශේෂ මෙහෙයුමක් අද (19)දින උදෑසන ආරම්භ කරන ලද බව දිඹුල – පතන පොලීසිය පවසයි.

තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18)දින පැමිණ දිය ඇල්ලේ ඉහල කොටසට ගොස් ඇති බවත් ඉන් පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් එම තරුණියන් පිරිස කකුල් සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී ඇතැයි පොලීසිය පවසයි.

දිය ඇල්ලෙන් පහලට වැටීමෙන් අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

දිඹුල – පතන පොලීසියේ නිලධාරීන්, යුධ හමුදා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එකතුව අතුරුදහන්ව සිටින තරුණිය සොයා දුෂ්කර මෙහෙයුමක් දියත් කොට ඇති බවත් දිය ඇල්ලේ පහල ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් මෙන්ම මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමක පැවැතීම හේතුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම අසීරු වී ඇතැයි ආරක්ෂක අංශ නිලධාරීහු කියති.

Related posts

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: බොරු කියු මහින්දානන්දට විරුද්දව පරීක්‍ෂණ ආරම්භ කරනැයි පැමිණිල්ලක්

colombotoday

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday