Covid 19

කොවිඩ් මඩින්න එන්නත වෙනුවට තවත් ක්‍රමයක් අත්හදා බලයි

කොවිඩ් එන්නත එන්නත් කටුවක් හරහා වෙනුවට පෙත්තක් ලෙස හෝ ඉන්හේලරයක් හරහා හෝ ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු වී ඇත.

මෙවැනි ඉන්හේලරයක් පිළිබඳව ස්වීඩනයේ Iconovo නමැති සමාගමක් ISR නමැති තවත් පර්‌යේෂණ ආයතනයක් සමග එක්ව මේ වනවිටත් අත්හදා බලමින් සිටියි.

මෙය ඉතා පහසුවෙන් සහ අඩු වියදමින් නිෂ්පාදනය කළ හැකි ඉන්හේලරයක් බව පැවසෙන අතර එය සාර්ථක වුවහොත් කොවිඩ් වසංගතයට එරෙහි සටනට දැවැන්ත තල්ලුවක් ලැබෙනු ඇති බව සඳහන් වේ.

මෙහි ඇති එක් විශේෂත්වයක් ලෙස පැවසෙන්නේ එය සෙන්ටිග්‍රේඩ් අංශක 40 තරම් උෂ්ණත්වයක වුව ද ගබඩා කිරීමට හැකි වීමයි.

වර්තමානයේ භාවිත වන එන්නත් ගබඩා කිරීම සඳහා ඉතා පහළ උෂ්ණත්වයන් අවශ්‍ය වේ.

ඇතැම් එන්නත් ගබඩා කිරීමට සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 70 තරම් පහළ උෂ්ණත්වයන් අවශ්‍යය.

මේ නිසා මෙවැනි ගබඩා පහසුකම් නොමැති බොහෝ අඩු දියුණු රටවල් විශාල ගැටලුවකට මුහුණ දී සිටියි.

එවැනි රටවල එන්නත්කරණ වැඩසටහන් ඉතා මන්දගාමී වීමටද මෙවැනි ගැටලු බලපා තිබේ.

මෙම ඉන්හේලරය හෙදියකගේ හෝ වෙනත් සෞඛ්‍ය සේවකයකුගේ ආධාරයක් නැතිව තමුන්ටම භාවිත කළ හැකි වීම තවත් වාසියකි.

එන්නත් කටු පිළිබඳ බියක් දක්වන අයටද මෙය කිසි ගැටලුවකින් තොරව ලබා ගත හැකි වනු ඇත.

Related posts

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday