Colombo Today Local News

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී පරාල ඇණ ගැසීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව කියන දුෂ්මන්ත සුජිත් කුමාර ප‍්‍රනාන්දු නමැති කපුවා ඇතුළු තිදෙනකු බලගොල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත බාර දී තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන කපුවා නීතිඥවරුන් දෙදෙනකුගේ මාර්ගයෙන් ඊයේ සවස 2.30 ට පමණ බලගොල්ල පොලිසිය වෙත භාර වී ඇත.

පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකාර කපුවා ප‍්‍රකාශ කර ඇත්තේ පරාල ඇණ ගැසීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමන්ට අපහාස කළ අතර ඔවුන් තමන් ඝාතනය කිරීම සඳහා ද සැලසුම් සකස් කරගෙන සිට ඇති බවයි.

එහෙත් පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය පිටුපස විශාල අභිරහසක් පවතින බවයි.

මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා කපුවා ඇතුළු පිරිස සැලසුම් කර සිට ඇති අතර මහනුවර පොලිසියේ කණ්ඩායමක් ගොස් ඔවුන් දෙදෙනා බේරාගෙන තිබුණි.

Related posts

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday