Colombo Today Local News

ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව

කිසිදු ආකාරයක විනාශයක් සිදුවී නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ විල්පත්තුව ඇස් ඉදිරිපිටදීම විනාශ වෙමින් පවතින බව ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන ඔටාර් ගුණවර්ධන මහත්මිය පවසයි.

කලකට පෙර ඉතා ගාම්භීරව නැගී සිටි සත්ව සම්පතට ජීව භූමිය වූ විල්පත්තුව සමීපයේ පවතින විලතිකුලම් වන සංරක්ෂිතයේ අක්කර 700කට වැඩි භූමි භාගයක් දැනටමත් එලි කර ඉදිකිරීම් සහ පදිංචිකිරීම් ආරම්භ කර ඇති බවයි ඔටාරා ගුණවර්ධන පවසන්නේ.

පසුගිය සතියේ විල්පත්තු සහ ආශ්රිත වන ප්රදේශයේ සංචාරයක නිරත වීමෙන් පසු සිය මුහුනු පොතේ වීඩියෝ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ පරිසරයට සිදුව ඇති විශාල විනාශයක් සිය සංචාරය තුලදී දැක ගැනීමට ලැබුනු බවයි.

මේ වන විට රටේ වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙන අතර ඉතිරිව තිබෙන වනාන්තර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කරයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා මාධයවේදීන් හමුවේ පවසා තිබුනේ විල්පත්තු ජාතික වන උද්‍යානයට කිසිදු ආකාරයක විනාශයක් සිදුව නොමැති බවයි.

එමෙන්ම විල්පත්තු සහ ආශ්‍රිත වන ගහනය අධි රක්ෂිත ප්‍රදේශයක් කිරීමට ද ජනාධිපතිතුමා තිරණය කර තිබුණි.

ලක් වාසී සියලු දෙනාගේ හා මතු පරපුර වෙනුවෙන් දැනට ඉතිරි වී ඇති වන සම්පත සුරැකීමට සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කරන ඔටාරා ගුණවර්ධන විල්පත්තුව සහ ආශ්‍රිත වන ප්‍රදේශය අධි ආරක්ෂිත ප්‍රදේශයක් කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුවනු ඇති බවට බලාපොරොත්තු පල කර සිටියාය.

Related posts

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin