Colombo Today Local News

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

විපත්තු වන උද්‍යානය අවට, සිදුවන මහා පරිසර සංහාරය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් නැවත වරක් ජනාධිපතිවරයා නොමග යැවීමට උත්සහ කරන බවට පරිසර සංවිධාන එකමුතුව චෝදනා කරනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කලා.

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික සජීව චාමිකර,

“කිසිම වෙලාවක පරිසර සංවිධාන විදියට අපි සදහන් කලේ නෑ විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එළි පෙහෙලි කිරීම් සිදු වෙනවා කියලා. මේ ප්‍රශ්නය විවිධ පැතිවලට ගෙනියන්න විවිධ පාර්ශව උත්සහ කරනවා. පැහැදිලිව සදහන් කරනවා මේ වනවිට විල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටලා ඇති විලත්තයිකුලම් වන රක්ෂිතය තුළ තමා වර්තමානයේදී අක්කර 800 ක භූමි ප්‍රමාණය එළි පෙහෙළි වෙන්නේ. ඒක ප්‍රධානම අලිමංකඩක්. පසුගිය කාලයේ එළිපිහෙලි කල භූමි ප්‍රදේශය පිහිටලා තියෙන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයට උතුරින් පිහිටලා තියන රක්ෂිතයක. මේ දෙකම නිතී විරෝධි වෙන්නේ වන සංරක්ෂණ ආඥ පනත යටතේ ප්‍රකාශයට පත් කරපු වන රක්ෂිත තුළ තමයි මේ නිතී විරෝධි ක්‍රියාව සිදු වෙන්නේ .”

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික නයනක රන්වැල්ල,

“ජනාධිපතිවරයාට භාර දෙන්න වන රක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කරලා තියන ලියවිල්ල අප සතුව තියනවා .මේ ලියවිල්ලේ තියනවා සම්පූර්ණ අසත්‍ය කාරණයක් දාලා. මේක නැවත පදිංචි කිරීමක් කියලා. මේක නැවත පදිංචි කිරීමක් නෙමේ. අලුත් පදිංචි කිරීමක් තමා මෙතැන සිද්ධ වෙන්නේ. මොකද මෙතැන කවුරුත් මීට කලින් පදිංචි වෙලා හිටියේ නෑ මේ වන පද්ධතිය තුළ. ඔවුන් මේක නැවත පදිංචි කිරීමක් ලෙස හුවා දක්වමින් නැවත නැවතත් ජනාධිපතිවරයා නොමග යවන්න හදනවා.

විලත්තෙයිකුලම් වන රක්ෂිතය විනාශකරද්දී ඒ වන විනාශය නොදැක්කා වගේ සිටින වන රක්ෂණ නිළධාරින් ,මෙම අනවසර පදිංචි කිරීම් වලට විදුලිය ලබා දුන්නු ප්‍රාදේශිය නිළධාරින් තාමත් ඒ අසුන්වල ඉන්නවා. මේ රජය යහපාලනය ක්‍රියාත්මක කරන රජයක් නම්, අපේ මතය තමා ඔවුන්ව වහාම FCID ගෙනියන්න ඕන. පොදු දේපළ පනත යටතේ ඔවුන් සියළු දෙනාම ඉන්න ඕන රිමාන්ඩ් බන්ධනාගාරයේ. වන රක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ, මන්නාරම් දිසාපතිවරයා මොවුන් පැහැදිලිවම මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා. ”

[fbvideo link=”https://www.facebook.com/protectvilpattu/videos/1921316641429437/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday

නවකවදය දෙන්නම පෙරටුගාමී ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ !

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday