Colombo Today Local News

බර වාහන බලපත්‍ර ඇති රියැදුරන්ට බ්‍රිතාන්‍යයේ වීසා

රියැදුරන් හා සේවක හිඟය පාලනය කර ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට තාවකාලික වීසා නිකුත් කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය යොමු වී තිබේ.

බ්‍රිතාන්‍ය වාණිජ ප්‍රවාහන ආයතනය පවසන පරිදි එරට බර වාහන රියැදුරන්ගේ හිඟය 90,000ක් පමණ වේ.
කොවිඩ් ව්‍යාප්තිය, අඩු වැටුප්, රියැදුරන් විශ්‍රාම ගැනීම මෙන්ම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමද ඊට සෘජු ලෙස බලපා ඇතැයි එහි අදහස වේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බරවාහන රියැදුරන් 3,000ක් පුහුණු කිරීමට යෝජනා වී තිබේ.

මෙම පියවර ගැනීමට අදහස් කර ඇත්තේ ඉදිරියේදී එළැඹෙන නත්තල් උත්සව සමය ඉලක්ක කර ගනිමිනි.

මේ අනුව ලොරි රථ රියැදුරන් හා කුකුළු ගොවිපළ සේවකයන් 10,500කට පමණ තාවකාලික වීසා බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය රජය ගණනය කර ඇති ආකාරයට ආහාර ලොරි හා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ රියැදුරන් 5,000ක් ඒ සඳහා අවශ්‍යව පවතී.

ඒ හැරුණු විට කුකුළු ගොවිපොළ සේවකයන් 5,500ක පමණ අවශ්‍යතාවක්ද මතුවී තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂේප්ස් ප්‍රකාශ කළේ නත්තල දිනය ගෙවී යන තෙක් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සේවකයන් හා රියැදුරන් 10,500ක් පමණ ප්‍රමාණවත් වනු ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යාංශ පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයද ලබාගෙන බර වාහන රියැදුරන් පරීක්ෂා කර ඔවුන් සේවයට එක්කර ගැනීමට නියමිතය.

Related posts

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන NGO, අමිත් වීරසිංහට පහරදීම ගැන නිහඩ ඇයි ? – හෙළ උරුමය විමසයි

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin