Colombo Today Local News

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි පවසයි.

බීබීසී ය සමගින් අදහස් දක්වමින් අසාද් සාලි පැවසුවේ වත්මන් ආණ්ඩුව 2017 වසරේ පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් ඇති නිසා බවයි.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක්, ඒකාබද්ද විපක්‍ෂය ආසන 52ක්, දෙමල සන්දධානය ආසන 16ක් හා ජවිපෙ ආසන හයක් නියෝජනය කරයි. ඒ සියල්ලේ එකතුව 180කි. දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා උවමනා ප‍්‍රමාණයට වඩා ආසන 30ක් එම එකතුවේ වන අතර එවන් අවස්ථාවක 25-30ක ප‍්‍රමාණයක් නොලැබීයාමේ ඉඩක්ද ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් දන්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එනු ලබන ව්‍යවස්තා සංශෝධනයකට සහාය දෙන බවයි. ජවිපෙද ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරයට විරුද්දය. ,m

Related posts

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවර රාජිත සමග සාකච්චාවක

colombotoday

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුනි

colombotoday

හෙට අත්සන් කරන්න යන හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න !

colombotoday

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday