Colombo Today Local News

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

සංවර්ධන පනත පරාජය කිරීමට කටයුතු කරන පිරිස් සිටින්නේ දවල්ට‍ මෛත්‍රී සමග බවත් රෑට මහින්ද සමග බවත් මේ නිසා ඔවුන් “දවල් මිගෙල් රෑ ඩැනියෙල්” චරිතය රඟපාන පිරිසක් බවත්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(29) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය සුපිරි ඇමතිලා බිහිකිරීමට නොව සුපිරි රටක් බිහිකිරීමට බවත් බැසිල්ලා, නාමල්ලා සුපිරි ඇමති ජීවිත ගතකරද්දී නව පනතට විරුද්ධවන අය කිසිත් නොකියා සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

පනත පරාජය වුවද නැවත එය ගෙන එන බවත් සුපිරි ඇමති කියා ඇමතිවරු විශේෂයක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය රට සංවර්ධනය කිරීම බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

Related posts

පාර්ලිමේන්තුව රැස්වීමෙන් ඇති ඵලය කුමක්ද? – රත්නසේකර අමාත්‍යධුරයෙන් ඉවත්වෙයි

colombotoday

මත්පැන් බෝතල් 9,240ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් වාලච්චේනේදී අල්ලයි

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday