Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන වර්ෂයට (2022) අදාළව රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබේ.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු අතර පෙබරවාරි 28 වැනිදායින් පසු මෙම අත්තිකාරම් ගෙවීම නොකළ යුතු වේ.

එමෙන්ම මෙම අත්තිකාරම් මුදල ලබන වසර (2022) තුළදීම අයකර අවසන් කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

Related posts

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

මාස දෙකකට ප්‍රමාණවත් සේලයින් තියෙනවා රාජිත කිව්වෙ බොරු – සෞඛ්‍ය අමාත්‍යාංශය කයයි

Admin

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin