අද (27)දින උදෑසන මුලතිව් පොලිස් වසමේ අම්බලවන්පොකනන් ප්රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ දර කැපීම සඳහා ගොස් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මේ වනවිට මුලතිව් දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබන අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අදාළ පුද්ගලයා දර කපමින් සිට ඇති ස්ථානයේ තිබී පුපුරා ගිය බෝම්බයක කොටස් දක්නට ඇති බව වාර්තාවේ.