Colombo Today Local News

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ” සකුරා ඒවියේෂන් ” සමාගමට අයත් ” සෙස්නා ” වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් 12/27 දින පස්වරු 02.00 ට පමණ කිඹුලපිටිය 06 කණුව ප්‍රදේශයට කඩා වැටී තිබේ.

මෙම ගුවන් යානය 4RAF172 ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇත.

මෙම ගුවන් යානය සීගිරියේ සිට කොග්ගල දක්වා අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටියදී, මෙම ගුවන් යානයේ ඇංජිම තුළ හට ගත් කාර්මික දෝශයක් නිසා ,කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට, එම ගුවන් යානයේ නියමුවන් විසින් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණෙමින් තිබියදී, ගුවන් තොටුපළ පෙනි පෙනී කිඹුලපිටිය 06 කණුව ප්‍රදේශයට කඩා වැටී ඇත.

මෙම සිදු වීමෙන් මෙම ගුවන් යානය පැදවූ ගුවන් නියමුවන් දෙදෙනා සහ එම ගුවන් යානය තුළ ගමන් ගත් ලෙබනන ජාතිකයන් දෙදෙනා ද තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Related posts

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday