Colombo Today Local News

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ පිටකෝට්ටේදී පැවති විශේෂ වැඩසටහනකදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටනොයන්නේ ඇයි දැයි අද බොහෝ දෙනකු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මූල්‍ය අරමුදලට යන්නෙම නෑ කියලා ආණ්ඩුවේ සමහරුන් කියනවා.මගේ අවුරුදු පහෙන් වැඩිම කාලයක් මම කටයුතු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්කයි. මට ඒ අය බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. දාපු සමහර කොන්දේසි කොහෙත්ම කරන්න බැහැ කියලා මම ඒ අයට දැනුම් දුන්නා. ඔවුන් ඒක පිළිගත්තා”

Related posts

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin