World

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

ඇෆ්ඝනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේ රඳවා සිටි අවසාන අමෙරිකානු සහ නේටෝ හමුදා භට කණ්ඩායම් එම ස්ථානයෙන් පිටත් වී තිබේ.

වසර 20ක් පුරා අමෙරිකානු සහ නේටෝ හමුදා තලිබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව සටන්වැදුනේ එම ස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

එමගින් පෙනී යන්නේ එරට තුළ සිටින විදෙස් හමුදා නුදුරේදීම එරටින් ඉවත්වන බවය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ අමෙරිකානු හමුදා සැප්තැම්බර් 11 වනදා වනවිට ඇෆ්ඝනිස්තානයෙන් පිටත්වීම සම්පූර්ණ කෙරෙන බවය.

මේ වනවිට තලිබාන් කණ්ඩායම් ඇෆ්ඝනිස්තානයේ බොහෝ ප්‍රදේශවල බලය තහවුරු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ඇවිළෙයි.. දෙපාර්ශවයෙන්ම බර අවි ප්‍රහාර

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin