Colombo Today Local News

එජාපය සමග තරගකර මහින්දට බලයට එන්න බැරිවෙන විද්‍යාත්මක හේතුවක් මරික්කාර් හෙළිකරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව කරන ලද සමීක්ෂණ වලට අනුව පැවසිය හැකි බව කොලඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මේක ගම්වල ඉන්න යූඑන්පීකාරයෝ නැඟිටලා ඉන්න වෙලාව. අනෙක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මුදල් බලය රාජ්‍ය බලය ගිලිහිලා නැතිවෙලා ගිය වෙලාව. ශ්‍රී ලනිපය දෙකට කැඩිලා තියෙන වෙලාව. තරුණ නියෝජනය වැඩිවෙලා තියෙන්නෙ එජාපයට. මහින්ද රාජපක්ෂ මහත්මයාට කවදාවත් බලයට එන්න බැරි විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ඒ තමයි රටේ වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් හීන වී යෑම. මහින්දට හිමිවන ඡන්ද ප්‍රතිශතය මේ නිසා අඩුවෙනවා. ඒක රටේ වෙනස් කළ හැකි තත්ත්වයක් නොවේ.

ඒකාබද්ධ විපක්ෂයේ 20%ක් ඉන්නේ කොමිස් ගහල හොරකම් කරල චෝදනා ලබපු උදවිය. ඒ නිසා ගමේ ඉන්න අයගෙ ප්‍රසාදය මේ අයට නැහැ. කවුරු හරි කියනවා නම් රට ඉල්ලන පොදු අපේක්ෂකයා මහින්ද කියලා, ඒක බොරුවක්. එහෙනම් ජනාධිපතිවරණයෙන් එයා පරදින්නෙ නැහැ. අගමැති අපේක්ෂක කරන්න ගියා පැරැදුණා. ඒකාබද්ධ විපක්ෂයේ අය මේ හදන්නෙ මහින්ද ඉස්සරහට දාලා තව පිරිසක් නායකත්වයට එන්න. මහින්ද තරම් ජනප්‍රිය කෙනෙක් ඒකාබද්ධේ නැති නිසා මහින්ද ඒ අය විකුණනවා. යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

Related posts

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday

ඒකීයභාවය රකිමින් ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයෙකුට රට භාර දෙන්න – මහා සංඝරත්නය අවධාරණය කරයි

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday