මුන්දලම දේවාලහංදිය ප්රදේශයේ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු ප්රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත්කර ඇතිබව මුන්දලම රෝහල් අධ්යක්ෂ එම් මාලිංගම් බාස්කරන් මහතා පවසයි.
මෙසේ රෝහල්ගතකර ඇත්තේ මුන්දලම දේවාලහංදිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවනබව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස පරිසර පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා ශ්රමදානයක් පවත්වා ඇති අතර එහිදී ගහක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමෙන් මෙම බඹර ප්රහාරයට ලක්ව ඇත.