Colombo Today Local News

ශාසනාරක්ෂක සභාව 7 නුගේගොඩට.. ඥාණසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Video)

යෝජිත නව ව්‍යස්ථාවට එරෙහිව ජනමතය පෙළගැස්වීම සදහා සංවිධාන කිහිපයක එකමුතුවෙන් ශාසනාරක්ෂක සභාව ලබන ජනවාරි 7 වනදා නුගේගොඩදී සමුළුවක් පැවැත්වීමට සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් ශාසනාරක්ෂක සභාව වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙසේ අදහස් දක්වා සිටියා.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1303826379637386/” width=”500″ height=”400″ onlyvideo=”1″]

විශේෂයෙන් අද දවස වෙද්දි රටේ දැඩි කථා බහකට ලක් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට බෙදීමට එරෙහිව, ඒ වගේම රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව අපි ඉතා ඉක්මනට වැඩසටහනක් ගොඩ නැගිය යුතුයි. ඉතා ඉක්මනින් අපි එකාවන්ව රොද බැඳිය යුතුයි මේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව. ඒ වගේම විජාතික බොහෝ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල පමණක් නොවෙයි අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික බලවේග මත ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන මේ නායකයන්ගෙන් ව්‍යවස්ථාව හරහා යම්කිසි හානිකර තත්වයක් උද්ගත වෙනව නම් එය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශවයක් එක්ක එකතුවෙලා එය පරාජය කිරීමට අනිවාර්යෙන් අපිත් එකතුවෙන බව මතක් කරන්න ඕනි.

ඒ නිසා මම ඉල්ලා හිටිනවා මූණුපොතේ අපේ දරුවන්ගෙන් ඒ වගේම හාමුදුරු වරුන්ගෙන් දැන් වෙන වෙන වෙන වෙන මාතෘකා නෙවෙයි, මේ රටේ ජාතික සම්පත් විකුණාදැමීමට එරෙහිව, ව්‍යවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට එරෙහිව අපි ඉතා ඉක්මන් සටන් පෙරමුණක් ගොඩනැගිය යුතුයි. ඒ නිසා මා ඉල්ලා හිටිනවා අපේ මූණු පොතේ දරුවන්ගෙනුත් හැමදෙනාගෙන්මත් මූණුපොත සටන්බිමක් කරගනිමු. ඉතා ඉක්මනින් මේ ව්‍යසනකාරී තත්වය හඳුනාගෙන අපි ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.

අනෙක් පැත්තෙන් ජනවාරි මාසේ හත්වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සියලුම සංවිධාන වලටත් ආරාධනා කරලා ඒ හැමදෙනාගේම උදව් උපකාර සහයෝගය ඇතුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී “අත තියන්න එපා රටට” තේමාව යටතේ විශාල සමුළුවක් පවත්වලා මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වෙන හානිය, ඒ වගේම අපේ සම්පත් අනාගත දරු පරම්පරාව සතු සම්පත් විකුණා දැමීමට එරෙහිව විශාල ජනමතයක් ගොඩනගන්න අපි වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා.

ඉතින් හත්වෙනිදා පැවැත්වෙන මේ සමුළුව සඳහා ඔබ හැමකෙනෙක්ම සහභාගී වෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවරු අප්‍රමාදීව කැපෙනවා. ඒ සංවිධානත් එක්ක එකතුවෙලා මේ කටයුත්තට උරදෙන්න, කැපවෙන්න, සහභාගී වෙන්න. අපි මේ සටනත් ජයග්‍රහණයෙන් කෙලවර කරමු කියන පණිවිඩය මතක් කරමින් හැමදෙනාටම හත්වෙනිදා සමුළුවට සහභාගී වෙන්න කියලා ඉතාම ආදරයෙන් හා ජාතිවාත්සල්‍යයයෙන් ඉල්ලා හිටිනවා.

 

Related posts

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

Admin

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි !

colombotoday

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

colombotoday

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

colombotoday