Colombo Today Local News

මුල්ලේරියාවේ ඝාතනය: සැකකරු ගැන ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 25ක්.

මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

ඒ අනුව ඔහුගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.

ඊයේ (26) වැනිදා උදෑසන 6.30ට පමණ මුල්ලේරියාව, කොටිකාවත්ත දෙල්ගහවත්ත නිවසකට කඩා වැඳුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තන්තිරිගේ නුවන් මිලින්ද නමැත්තකි.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවය.

ඔහු තලංගම රෝහලට අතුළත් කර ඇති තුවාලකරු පසුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අනුව, මෙම සැකකරු පිළිබඳ තොරතුරු පහත දුරකතන අංක වෙත ලබා දෙන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

අධ්‍යක්ෂ / කොළඹ අපරාධ කොට්ඨාසය 071‌- 8591727 , ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌077‌- 7370360

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත, දකුණ කොළඹ අපරාධ කොට්ඨාසය 071‌– 8592279

සැකකරු පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් කරමින් පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය…

Related posts

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

ප්‍රථිකාර සේවා ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

colombotoday

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin