World

තබ්ලික් ජමාත් 35ක කණ්ඩායමක 27 දෙනෙකුට කොරෝනා. පොලිස් නිලධාරියෙකුට පිහියෙන් පහරදී පැන යන්නත් තැත් කරලා.

පකිස්තානයේ රයිවින්ද් (Raiwind) නගරයේ 35 දෙනෙකුගෙන් යුත් තබ්ලික් ජමාත් කණ්ඩායමක සාමාජිකයින් 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඉරිදා (28) තහවුරු වී තිබෙනවා. තවත් තබ්ලික් ජමාත් ආගමික කණ්ඩායමක් ලේයාහි (Layyah) නිරෝධායනයට යොමුකර සිටියදී එයින් මිදී පලා යෑම සඳහා පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කර ඇත.

දින 40 ක හෝ මාස හතරක දේශනා මෙහෙයුම් සඳහා තබ්ලික් ජමාත් කණ්ඩායම් පිටත්ව යාමට පෙර විදේශිකයන් 500 කට වැඩි පිරිසක් ද ඇතුළුව 1,200 ක් පමණ දෙනා සහභාගී වන පස් දින විශේෂ තබ්ලික් ජමාත් සභාවක් පවත්වයි.

වෛරස් තර්ජනය සැලකිල්ලට ගෙන සභාව කල් තබන ලෙස මීට පෙර පන්ජාබ් රජයේ නිලධාරීන් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැත.

ලේයාහිදී තබ්ලික් ජමාත් සාමාජිකයකු පැන යාමට තැත් කිරීමේදී පිහියකින් පහර දීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයා ද තුවාල ලැබීය. පසුව පොලිසිය දිස්ත්‍රික් පරිපාලනය සංවිධායකයින් වෙත ගොස් ඔවුන්ගේ අවසරය ඇතිව තබ්ලික් ජමාත් පල්ලිය වටලනු ලැබූ අතර පසුගිය දින තුන තුළ කිසිවෙකුට එම ස්ථානයට ඇතුළු වීමට හෝ පිටව යාමට ඉඩ නොදුනි.

Related posts

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday