පොලිස් නිලධාරීන් පිරිසක් කොරෝනා රෝගීන් බවට පත්වීම නිසා මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් සේවයේ යොදවා ඇත.
මහනුවර අංකුඹුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් කෙරෝනා ආසාදිතයන්ද යන්න පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීම නිසා එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර වෙනත් නිලධාරීන් පිරිසක් සේවයේ යෙදවීමට කටයුතු කළ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කළේය.