Colombo Today Local News

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

රට තුළින් සොයාගත් කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා ප්‍රමාද වූ බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.

නව වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව කඩිනමින් දැනුවත් කිරීම සඳහා උපක්‍රම සැකසිය යුතු බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

සොයාගත් නව ප්‍රභේදය සම්බන්ධ වාර්තා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් දින කිහිපයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබුණද සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් නොගත් බව වෛද්‍යවරයා පවසයි.

පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම විසින් ම එම තොරතුරු ඊයේ (26)දින ජනගත කළේය.

නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා රට තුළ තිබෙන පහසුකම් වර්ධනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් කාර්යක්ෂමව පියවර ගතයුතු බව හරිත අලුත්ගේ මහතා පවසයි.

එසේ සොයාගත් නව ප්‍රභේදය යුරෝපයේ පවතින ප්‍රභේදයට බොහෝ සමානකම් තිබෙන බැවින් රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ ඉඩකඩ තිබෙන බවට අනාවැකි පළවී තිබෙන බවද වෛද්‍යවරයා පැවසීය.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් මෙම නව ප්‍රභේදය හමුවූ බැවින් රට අභ්‍යන්තරයේ කෙතරම් දුරට එය ව්‍යාප්ත වී තිබෙද යන්න කඩිනමින් අනාවරණය කරගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගතයුතු බවත් වෛදයාවරයා පෙන්වා දෙයි.

මාසයක් පමණ පසුවී ඒ පිළිබඳව පියවර ගැනීමෙන් ඵලක් නොවන බවත් එවිට එය පාලනයෙන් ගිලිහී යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එන්නත් ලබා දුන්නද මෙම නව ප්‍රභේදය එයින් පාලනය කිරීමට හැකිද යන්න සම්බන්ධනේද සොයා බැලිය යුතු බවද වෛදයාවරයා අවධාරණය කළේය.

විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා මෙම ප්‍රභේදය වෙනස් වන අතර ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවයි.

මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

Related posts

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නැ කියලා මගේ කේන්දරේ තියනවා.. අනිත් අය වගේ විජයදාසත් ලගදීම ඉවරයි

colombotoday

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

colombotoday

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” – අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. රාජිතගේ රෙදි සියල්ල ගැලවී යයි (Video)

colombotoday