Colombo Today Local News

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී ඇත.

මෙම විරෝධය පළව ඇත්තේ ඊයේ (26)දින වෙළෙඳ අමාත්‍යාංශයේ විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ අදාළ චක්‍රලේඛයෙන් සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීම සඳහාය.

ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ බැංකුවලට මාස තුනක කාලයක් සඳහා ‘ඉදිරි විනිමය ගිවිසුම්වලට’ එළැඹීම තහනම් කර තිබේ.
මහා බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ නියෝග මත පෙරේදා (25)දින සිට ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් සීනි පරිප්පු සහ ඖෂධ ඇතුළු සියලුම භාණ්ඩ ආනයනකරුවන්ට තමන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ගෙවීම් කිරීමට සිදුවන්නේ භාණ්ඩ මෙරටට ලැබෙන අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට අනුවය. එනම් ඩොලරයේ අගය ඉහළ යනු ඇති අපේක්ෂාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් බාහිර වෙළෙඳපොළෙන් (වාණිජ බැංකු හරහා) නියමිත අගයකට ඩොලර් මිලදී ගැනීමේ හැකියාව මෙම නියෝගයෙන් අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය පිළිබඳ අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ දී ඩොලරයේ මිල යළිත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙලෙස ඩොලර් මිලදී ගැනීම සඳහා ‘ඉදිරි ගිවිසුම්’වලට එළැඹීම අත්හිටුවීමෙන් වෙළෙඳුන්ට බලපෑමක් එල්ල නොවන බවයි. එසේම මෙය තාවකාලික පියවරක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Related posts

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

රට බෙදන්න උතුරෙන් ‍සම්මත වූ යෝජනාව ලබන සතියේ රජයට

colombotoday

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

colombotoday

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

colombotoday

ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට වැන් විල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ප්‍රහාරයක් – රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

colombotoday