Colombo Today Local News

බැදුම්කර බෑණා තවත් ආයතනයක් මිලට ගනී.. සජින් වාස්ට තැන අහිමි වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් කොළඹ 07, Racecourse Buildingහි පවත්වාගෙන ගිය ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානය (Gym) සුප්‍රකට ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මිලදී ගෙන ඇතැයි වාර්තාවේ.

මිලදී ගැනීමත් සමඟ එහි කළමනාකාරිත්වයේ හි ද වෙනස්කම් සිදු කර ඇති අතර FITNESS CONNECTION නම් වූ නව ආයතනය දෙසැම්බර් අට වන දින පස්වරු 07.00ට විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.

අර්ජුන් ඇලෝසියස් මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අතර ඔහු ජනමාධ්‍ය ආයතන සමූහයක් ද මිලට ගැනීමට කටයුතු කරමින් සිටින බවට ආරංචි පැතිරේ.

ඒ අනුව නව රූපවාහිනී නාලිකාවක්, පුවත්පත් කිහිපයක්, වෙබ් අඩවි රැසක් ඇතුළුව ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කළ හැකි ආයතන සමූහයක් ගොඩනැගීමට ද ඔහු කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා ව්‍යාපාරික ස්ථාන සහ ආයතන මිලදී ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

(දයා නෙත්තසිංහ)

Related posts

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කාවට විරුද්ධව කතා කල තරුණයාට මරණ තර්ජණ

colombotoday